Web Hosting Hub cpanel Web Hosting Review in Sinhala for Sri Lankans – Affordable Web Host වෙබ් හොස්ටින් හබ් ආයතනය පිළිබඳ සමාලෝචනය

This is a review of Web Hosting Hub cpanel Web hosting provider in Sinhala for Sri Lankans.  The company provides web hosting services since 2010 from Virginia Beach, United States of America.  The web hosting companies data centers are located in West and East Coast of USA.

Over 40,000 customer uses Web Hosting Hub. They have over 8 years of experience in the industry.

Web Hosting Hub කියන්නේ 2010 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන ආයතනයක් තමයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ වර්ජිනියා බීච් වල. ඔවුන්ගේ web hosting data centers පිහිටලා තියෙනවා ඇමරිකාවේ වෙස්ට් කෝස්ට් සහ ඊස්ට් කෝස්ට්වල.

මේ වන විට 40,000 වඩා අධික භාරිභෝගිකයන් ප්‍රමානයකට ඔවුන් විසින් හොස්ටින්ග් සේවා සපයමින් තිබෙනවා. ඔවුන් වසර 8කට වැඩිපලපුරුද්ද්දක් තිබෙන හොස්ටින්ග් සේවා සපයන ආයතනයක්.

Unlimited Space

Unlimited Bandwidth

Unlimited Emails

Free Domain

Free SSL

$8.99/mo

$4.99/mo

90-day money-back guarantee  !

What are the pros of Web Hosting Hub cpanel shared Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන වාසි මොනවද ?

01. Speed of web hosting servers / හොස්ටින්ග් සර්වර් වල වේගය ( Good Speed )

වෙබ් හොස්ටින්ග් සර්වර් එකේ වේගය මුලික ලෙසම බලපානවා ඔබේ වෙබ් අඩවිය විවුර්ත වෙන්න යන කාලයට. ඉතින් සාමානයෙන් 610ms ~ 730ms වගේ අතර කාලයකින් වෙබ් අඩවිය load වෙනවා. මෙම අගය වෙනත් හොස්ටින්ග් සමාගම් සමග බලද්දී හොද ඉහල අගයක්. ( මීට අමතරව ඔබ වෙබ් අඩවිය හදලා තියෙන විදිය වගේම optimize කරලා තියෙන ආකාරයත් බලපානවා කියන එකත් අමතක කරන්න එපා වෙබ් අඩවියක් විවෘත වෙන්න යන කාලය සදහා )

02. Uptime of web hosting servers / හොස්ටින්ග් සර්වර් ස්ථාවර භාවය ( Excellent up-time of 99.96 - 99.99%  )

Server uptime ලෙස හදුවන්නේ සර්වර් එක ආරම්භ වී ස්ථාවර ලෙස ක්‍රියා කරමින් පවතින කාලය. සාමාන්‍යයෙන් කිසිම හොස්ටින්ග් සමාගමට පහසු නෑ මෙම අගය සැමවිටම සියයට සියක් ලෙස පවත්වාගන්න, මොකද සර්වර් එකේ මෘදුකාංග, දෘඩුකංග , අන්තරජාල වේගය, විදුලිය සම්භන්ධ කරුනුත් අඩු වැඩි වශයෙන් බලපානවා ස්ථාවරත්වය සදහා. Web Hosting hub ආයතනය සාමානයෙන් uptime එක 99.96% - 99.9% අතර ඉහල සාර්ථක අගයක් පවත්වාගෙන යනවා. ඒක ඉතා හොද දෙයක්.

03. Customer Support/ පාරිභෝගික සේවය ( Very Good - Skype Supported !  )

මෙය ඇත්තටම අනිවාර්යයෙන් බැලිය යුතු කරුනුක් හොස්ටින්ග් සේවා ලබාගනිද්දී හේතුව යාම් ගැටළුවක් ඇතිවුනොත් ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් විසදාගැනීමට හැකියාව පැවතිය යුතු නිසා. Web Hosting Hub ආයතනය පාරිභෝගික සේවය අතින් හොද මට්ටමක සිටින ආයතනයක්. ඊමේල්, චැට්, Skype , ටිකට් සහ දුරකථන හරහා ඔබට ගැටළු විසදගන්න හරිම පහසුයි. 

04. Free Domain / නොමිලේ ඩොමේන් 

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් නොමිලේ ඩොමේන් එකක් ලබාදෙනවා. ඉතින් සියලුම දේවල් එකම වහලක් යටින් ගන්න පුළුවන් නිසා ඔබට ඉතාම පහසුයි.

05. Ninety day money back guarantee / දින අනුවේ මුදල් ආපසු දෙන සහතිකය ( Wow ! )

දින අනුවක් එහෙම නැත්තම් දළ වශයෙන් මාස තුනක් ඔයාට කිසිම අවදානමක් නැතුව හොදට පාවිච්චි කරලා බලන්න පුළුවන් හොස්ටින්ග් සේවයක්. හොද නැත්තම් දින 90 ඇතුලත ඔබ ගෙවූ මුදල ලබාගන්න පුළුවන් ( යම් විදියකින් ඔබ නොමිලේ දෙන ඩොමේන් එක ලබාගත්තා නම්, එය ඔබට ලබාදීමට ගියපු වියදම අඩු කර ඉතිරි හොස්ටින්ග් මුදල අනිවාර්යෙන් ලැබෙනවා. ඔබට ඩොමේන් එක සම්පුර්ණ අයිතිය ලැබෙනවා. මේක ඕනෙම හොස්ටින්ග් ආයතනයකට පොදු දෙයක් මුදල් නැවත ලබාදීමේදී. ) . සාමාන්‍යයෙන් බොහොමයක් හොස්ටින්ග් ආයතන දින 30කට වඩා වැඩි කාලයක් ලබාදෙන්නේ නෑ නුමුත් Web Hosting Hub එවැනි අවදානමක් නැති ඉහළ කාලයක් ලබාදෙන්නේ ඔවුන්ගේ සේවය ගැන ඔවුන්ට තිබෙන ඉහළ විශ්වාසය නිසා.

06. Free SSL Certificate / නොමිලේ SSL සහතිකය 

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් SSL සහතික නොමිලේ ලබාදෙනවා. ඉතින් පහසුවෙන් ඔබේ ඩොමේන් එකේ http වෙනුවට https කියන ආරක්‍ෂිත ලින්ක් එක භාවිතා කරන්න පුළුවන්. නිකන්  මුදල් නාස්ති කරන්න ඕන වෙන්නේ නෑ SSL සහතික මිලදී ගන්න.

07. Powered by SSD hard disk Drives / SSD හර්ඩ් ඩිස්ක් වලින් සමන්විත සර්වර් වීම

බොහොමයක් වෙනත් හොස්ටින්ග් ආයතන වලට වැඩි පුර ගෙවන්න ඕන වේගවත් හර්ඩ් ඩිස්ක් ලබාගන්න. නුමුත් මෙම ආයතනය වේගවත් Unlimited SSD හර්ඩ් ඩිස්ක් සියලුම පැකේජ සදහා ලබාදීල තියෙනවා. ඔවුන් සදහන් කරන විදියට 20 ගුණයක් වේගවත් සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් වලට වඩා. 

08. Free Site Transfer / නොමිලේ හොස්ටින්ග් මාරු කිරීම

ඔබ වෙනත් ආයතනයක හොස්ටින්ග් කරලා තියෙනවනම් ඔවුන් නොමිලේ ඔබේ ගිණුම Web Hosting Hub හොස්ටින් වෙත මාරු කිරීම කරලා දෙනවා.

09. Unlimited Diskspace, bandwidth and emails / සීමාරහිත ඉඩ, බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම්

Web Hosting Hub ආයතනය සිමා රහිතව සර්වර් ඉඩ, බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම් ඔබට ලබාදෙනවා.

10. Wordpress Supported / වර්ඩ්ප්‍රෙස් cms සදහා සහයෝගය දැක්වීම

WordPress කියන්නේ පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය ස්ථාපනය කරගන්න පුළුවන් නොමිලේ තිබෙන ජනප්‍රිය content management system එකක්. Web Hosting Hub හොස්ටින්ග් ආයතනය WordPress වලට සහයෝගය දක්වනවා.  ඒවගේම Joomla. Drupal වැනි CMS සදහාත් ඔවුන් සහයෝගය දක්වනවා  

11. ecommerce Supported / ශෝපින්ග් කාර්ට් සේවා සදහා සහයෝගය දැක්වීම

ඔවුන් magento, opencart, prestashop වැනි අතර්ජාල ශෝපින්ග් කාර්ට් සදහා සහයෝගය දක්වනවා. ඉතින් පහසුවෙන් ඔබේම අන්තරජාල store එකක් සකසාගන්න පුළුවන්.

12. Green Hosting / පරිසර හිතකාමී හොස්ටින්ග් ආයතනයක්

ඔවුන් පරිසරයට වෙන හානිය අවම කරගනිමින් පරිසර හිතකාමී හොස්ටින්ග් සේවයක් පවත්වාගෙන යනවා.

13. Paypal Supported / පේපැල් සහයෝගය දක්වනවා

ඔවුන් පේපැල්  සදහා සහයෝගය දක්වනවා සාමාන්‍ය ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ගෙවීම් ක්‍රමයට අමතරව.

What are the cons of Web Hosting Hub cpanel shared Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන අවාසි මොනවද ?

01. Price / මිල

වෙනත් හොස්ටින්ග් සේවාවලට සාපේක්ෂව මෙයත් සුළු මට්ටමක මිල ටිකක් වැඩියි.

02. No Free data backup / ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම නොමිලේ සිදු නොකරයි ( $1 /mo  for backup' s)

ඔබගේ ගිණුමේ දත්ත එදිනෙදා backupකිරීම නොමිලේ සිදු කරන්නේ නෑ වෙනත් බොහොමයක් හොස්ටින්ග් ආයතන වගේ. මෙම සේවය ලබාගන්න අවශ්‍ය අයට මාසෙකට $1.00 ගෙවන්න වෙනවා.

03. Bitcoin & Skrill Not Supported  / ස්ක්‍රිල් හෝ බිකොයීන් සදහා සහයෝගය දක්වන්නේ නෑ

ස්ක්‍රිල් හෝ බිකොයීන් සදහා තවම සහයෝගය දක්වන්නේ නෑ නුමුත් පොදුවේ බැලුවොත් පේපැල් සහ ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ක්‍රම තිබෙන නිසා මෙය එතරම් ගැටළුවක් නොවේ.

04. Phone Verification / දුරකතනයෙන් තහවුරු කිරීම ( යම් අවස්ථාවල)

හොස්ටින්ග් ගිණුමක් ආරම්භ කරද්දී යම් අවස්ථාවල දුරකතනයෙන් ඔවුන් තහවුරු කිරීමක් කරනවා ( මෙය කරන්නේ ඔබේ ගිණුමේ වැඩි ආරක්ෂාව ගැනත් හිතලා නුමුත් මෙයට පොඩි කාලයක් යනවා )

Web Hosting Hub cpanel Hosting Conclusion / සාරාංශය

Web Hosting Hub හොස්ටින්ග් ආයතනය ලබදෙන පැකේජ අනුව කිසිම කරදරයක් නැතුව වැඩි ඉඩ කඩක් එක්ක ඇති තරම් ඊමේල් භාවිතා කරමින් ඔබගේ පුද්ගලික හෝ ආයතනයේ වෙබ් අඩවි පවත්වාගෙන යන්න පුළුවන් ස්ථාවර, වගකීමක් සහිත හොද පාරිභෝගික සේවයක් සහිත හොස්ටින්ග් ආයතනයක් කියන්න පුළුවන්. එකම ගැටලුව ඔවුන් නොමිලේ backup සේවාව ලබානොදීම. ඔබ මෙම ආයතනයේ හොස්ටින්ග් ලබගන්නවනම් අනිවාර්යෙන් backup සේවය ගෙවලා හරි ගන්න අමතක කරන්න එපා ( මාසෙටම යන්නේ $1 වැනි සුළු ගානක් ) 

එමනිසා ඔබටත් අදම මෙම හොස්ටින්ග් සේවය ලබාන්න පුළුවන්.

Unlimited Space

Unlimited Bandwidth

Unlimited Emails

Free Domain

Free SSL

$8.99/mo

$4.99/mo

90-day money-back guarantee  !

ඒවගේම ඔබට Top Ten Web Hosting for your company in Sri Lanka ( Sinhala ) ලිපිය මගින් වෙබ් හොස්ටින්ග් ආයතන සසදලා බලන්නත් පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *