SiteGround cpanel Hosting Review in Sinhala for Sri Lankans – Reliable & Stable WordPress Web Host සයීට් ග්‍රවුන්ඩ් හොස්ටින්ග් ආයතනය පිළිබඳ සමාලෝචනය

This is a review of Siteground cpanel Web hosting provider in Sinhala for Sri Lankans.  The company provides web hosting services since 2004 with offices in  United States, United Kingdom, Italy, Bulgeria and Spain. The data centers are located in Chicago, England, Amsterdam (Netherland), Milan ( Italy) and Singapore. 

Already over 800,000 domain are hosted with siteground servers. A company with 13 years of experience and carries a  high level of reputation in the industry.

සයීට් ග්‍රවුන්ඩ් හොස්ටින්ග් කියන්නේ 2004 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන තවත් දැවැන්ත ආයතනයක්. ඔවුන්ගේ කාර්යාල ඇමෙරිකාවේ, එකසත් රාජධානියේ, ඉතාලියේ, බල්ගේරියා සහ ස්පාඤ්ඤයේ පිහිටා තිබෙනවා. ඔවුන්ගේ hosting data centers පිහිටලා තියෙනවා ඇමරිකාවේ චිකාගෝ, එංගලන්තයේ, නෙදර්ලන්තයේ අම්ස්ටර්ඩෑම්, ඉතාලියේ මිලාන් සහ සිංගපුරුවේ. .

මේ වන විට දළ වශයෙන් ඩොමේන් 800,000 ( ලක්ෂ අටකට වැඩි ) අධික ප්‍රමානයකට ඔවුන් විසින් හොස්ටින්ග් සේවා සපයමින් තිබෙනවා. ඉතින් ඔවුන් වසර 13කට වැඩි දැවැන්ත පලපුරුද්ද්දක් තිබෙන සහ ඉහල පිළිගැනීමක් තිබෙන හොස්ටින්ග් සේවා සපයන්නෙක් කිව්වොත් වඩාත් නිවැරදියි.

10GB SSD Hosting

Unlimited Bandwidth

Unlimited Emails

Free Backup's

Domain $14.95/yr

Free SSL

$9.95/mo

$3.95/mo

30-day money-back guarantee  !

What are the pros of cpanel shared SiteGround Web Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන වාසි මොනවද ?

01. Speed of web hosting servers / හොස්ටින්ග් සර්වර් වල වේගය ( High Speed )

වෙබ් හොස්ටින්ග් සර්වර් එකේ වේගය මුලික ලෙසම බලපානවා ඔබේ වෙබ් අඩවිය විවෘත වෙන්න යන කාලයට. ඉතින් සාමානයෙන් 400ms ~ 570ms වගේ අතර කාලයකින් වෙබ් අඩවිය load වෙනවා. මෙම අගය වෙනත් හොස්ටින්ග් සමාගම් වගේම ඉන්මොෂන් හොස්ටින්ග් එක්කත්  බලද්දී ඉතාම හොද ඉහල අගයක්. ( මීට අමතරව ඔබ වෙබ් අඩවිය හදලා තියෙන විදිය වගේම optimize කරලා තියෙන ආකාරයත් බලපානවා කියන එකත් අමතක කරන්න එපා වෙබ් අඩවියක් විවෘත වෙන්න යන කාලය සදහා )

02. Uptime of web hosting servers / හොස්ටින්ග් සර්වර් ස්ථාවර භාවය ( Excellent up-time of 99.98 - 99.99%  )

Server uptime ලෙස හදුවන්නේ සර්වර් එක ආරම්භ වී ස්ථාවර ලෙස ක්‍රියා කරමින් පවතින කාලය. සාමාන්‍යයෙන් කිසිම හොස්ටින්ග් සමාගමට පහසු නෑ මෙම අගය සැමවිටම සියයට සියක් ලෙස පවත්වාගන්න, මොකද සර්වර් එකේ මෘදුකාංග, දෘඩුකංග , අන්තරජාල වේගය, විදුලිය සම්භන්ධ කරුනුත් අඩු වැඩි වශයෙන් බලපානවා ස්ථාවරත්වය සදහා. SiteGround hosting ආයතනය සාමානයෙන් uptime එක 99.98% - 99.9% අතර ඉහල සාර්ථක අගයක් පවත්වාගෙන යනවා. ඒක ඉතා හොද දෙයක්.

03. Customer Support/ පාරිභෝගික සේවය ( Excellent )

මෙය ඇත්තටම අනිවාර්යයෙන් බැලිය යුතු කරුණක්,  හොස්ටින්ග් සේවා ලබාගනිද්දී. හේතුව යාම් ගැටළුවක් ඇතිවුනොත් ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් විසදාගැනීමට හැකියාව පැවතිය යුතු නිසා. දෙසීයකට අධික පාරිභෝගික ගැටළු වලට සහයවන්නන් පිරිසක් සිටින ආයතනයක් තමයි මේක. එමනිසාම SiteGround ආයතනය පාරිභෝගික සේවය අතින් ඉහල සිටින ආයතනයක්. ඊමේල්, චැට්, ටිකට් සහ දුරකථන හරහා ඔබට ගැටළු විසදගන්න හරිම පහසුයි. මේ නිසා තමයි ඔවුන්ට විශේෂ පිළිගැනීමක් ශේෂ්ත්‍රයේ තිබෙන්නේත් සහ ප්‍රධාන පෙලේ හොස්ටින්ග් ආයතන කීපය අතර සිටින්න හැකිවී තිබෙන්නේත්.

04. High speed for WordPress / වර්ඩ්ප්රෙස්ස් සදහා ඉහල වේගයක්

ඔවුන් wordpress වෙබ් අඩවි සදහා වෙනත් ආයතන වලට වඩා වැඩි සැලකිල්ලක් යොමු කරලා තියෙනවා. ඔබ wordpress වෙබ් අඩවියක් සදහා ඉහල වේගයක් අපේක්ෂා කරනවනම් අනිවාර්යෙන් භාවිතා කල හැකි හොස්ටින්ග් ආයතනයක්.

05. Thirty day money back guarantee / දින තිහේ මුදල් ආපසු දෙන සහතිකය ( Nice ! )

දින තිහක් එහෙම නැත්තම් දළ වශයෙන් මාසයක් ඔයාට කිසිම අවදානමක් නැතුව හොදට පාවිච්චි කරලා බලන්න පුළුවන් හොස්ටින්ග් සේවයක්. හොද නැත්තම් දින 30 ඇතුලත ඔබ ගෙවූ මුදල ලබාගන්න පුළුවන්. 

06. Free SSL Certificate / නොමිලේ SSL සහතිකය 

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් SSL සහතික නොමිලේ ලබාදෙනවා. ඉතින් පහසුවෙන් ඔබේ ඩොමේන් එකේ http වෙනුවට https කියන ආරක්‍ෂිත ලින්ක් එක භාවිතා කරන්න පුළුවන්. නිකන්  මුදල් නාස්ති කරන්න ඕන වෙන්නේ නෑ SSL සහතික මිලදී ගන්න.

07. Powered by SSD hard disk Drives / SSD හර්ඩ් ඩිස්ක් වලින් සමන්විත සර්වර් වීම

බොහොමයක් වෙනත් හොස්ටින්ග් ආයතන වලට වැඩි පුර ගෙවන්න ඕන වේගවත් හර්ඩ් ඩිස්ක් ලබාගන්න. නුමුත් මෙම ආයතනය වේගවත් SSD හර්ඩ් ඩිස්ක් සියලුම පැකේජ සදහා ලබාදීල තියෙනවා.

08. Free Site Transfer / නොමිලේ හොස්ටින්ග් මාරු කිරීම

ඔබ වෙනත් ආයතනයක හොස්ටින්ග් කරලා තියෙනවනම් ඔවුන් නොමිලේ ඔබේ ගිණුම siteground හොස්ටින් වෙත මාරු කිරීම කරලා දෙනවා.

09. Unlimited Bandwidth and emails / සීමාරහිත බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම්

සිමා රහිතව බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම් ඔබට ලබාදෙනවා.

10. Free data backup / ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම

නොමිලේ ඔබගේ ගිණුමේ දත්ත නිතරම backup වෙනවා. ඒවගේම පහසුවෙන් ඒවා යලි ස්ථාපනය කරගන්නත් හැකියාව ලබාදීලා තියෙනවා. සමහර හොස්ටින්ග් ආයතන මේ සදහා වෙනම අය කරනවා නුමුත් siteground ආයතනයත් මෙය නොමිලේ ලබාදීම ඉතාම වටිනවා.

11. Free Cloudfare CDN /  නොමිලේ ක්ලවුඩ්ෆෙයාර් පහසුකම 

Cloudfare CDN පහසුකම ඔබට නොමිලේ ලබාදී තියෙනවා. මෙමගින් ඔබගේ වෙබ් අඩවියේ වේගය වැඩි කරලා දෙනවා වගේම පාවිච්චි වෙන බෑන්ඩ්විද්ත් එක අඩු කරලා දෙනවා.

12. ecommerce Supported / ශෝපින්ග් කාර්ට් සේවා සදහා සහයෝගය දැක්වීම

ඔවුන් Magento, Prestashop වැනි අතර්ජාල ශෝපින්ග් කාර්ට් 15කට වඩා සහයෝගය දක්වනවා. ඉතින් පහසුවෙන් ඔබේම අන්තරජාල store එකක් සකසාගන්න පුළුවන්. කැමති ඕනෙම ප්ලට්ෆොර්ම් එකක් පාවිච්චි කරලා. 

13. Competitive Pricing  / හොද මිලක්

ඉහල වේගයක්, ඉහල ස්ථාවර භාවයක් සහ ඉහල භාරිභෝගික සහයෝගයක් සමගින් ඔවුන් විසින් ලබාදෙන පැකේජ සදහා හොද මිලක් නියම වී තිබෙනවා කිව්වොත් නිවරදියි.

What are the cons of cpanel shared SiteGround Web Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන අවාසි මොනවද ?

01. Limited Space  / සීමාරහිත ඉඩක් නොදීම

වෙනත් ආයතන මෙන් ඔවුන් සීමා රහිත පැකේජ දෙන්නේ නෑ. නුමුත් වෙබ් අඩවියකට ( පින්තුර විශාල ප්‍රමාණයක් තිවුනත් ) මෙය කිසිම ගැටළුවක් වෙන්නේ නෑ මොකද 10GB වගේ ඉඩක් ලැබෙන නිසා. ගොඩක් වෙලාවට ඊමේල් ගිණුම් 20 -30 ඕන වුනත් තමයි ඔයාට 10GB මදි වෙන්න පුළුවන්, එහෙම නැත්තම් මේ ඉඩප්‍රමාණය හොදටම ඇති සාමාන්‍ය වෙබ් අඩවියකට.  

02. No Free Domain / නොමිලේ ඩොමේන් නොලැබේ

ඔවුන් නොමිලේ ඩොමේන් ලබා දීම සිදුකරන්නේ නෑ. ඔබ ඔවුන්ගෙන් මිලදී ගන්නවානම් ඩොමේන් එකට වසරකට $14.95 වගේ යනවා. ( අඩු මිලට ඩොමේන් එක අරගන්න පුළුවන් විදිය දැනගන්න Low cost domain registrars - Sinhala Tutorial ලිපිය කියවන්න  🙂  )

03. Payment Methods / මුදල් ගෙවන ක්‍රම

ඔවුන් ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් හරහා පමණයි දැනට මුදල් භාරගන්නේ. Paypal, Skrill, Neteller හෝ Bitcoin සදහා තවම සහයෝගය දක්වන්නේ නෑ.  නුමුත් පොදුවේ බැලුවොත් ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ක්‍රමය තිබෙන නිසා මෙය එතරම් ගැටළුවක් නොවේ.

Siteground cPanel Hosting Conclusion / සාරාංශය

Siteground හොස්ටින්ග් ආයතනය සීමා රහිත ඉඩක් ලබා දුන්නත් ඔවුන්ගේ හොස්ටින්ග් වල තිබෙන ඉහල ස්ථාවරභාවය, ඉහල වේගය සහ ඉහල ගුණාත්මක බවින් යුතු පාරිභෝගික සේවය නිසා ඔබගේ පුද්ගලික හෝ ආයතනයේ වෙබ් අඩවි සහ ඊමේල් පවත්වාගෙන යන්න හොද web hosting ආයතනයක් කියන්න පුළුවන්.

එමනිසා ඔබටත් අදම මෙම හොස්ටින්ග් සේවය ලබාන්න පුළුවන්.

10GB SSD Hosting

Unlimited Bandwidth

Unlimited Emails

Free Backup's

Domain $14.95/yr

Free SSL

$9.95/mo

$3.95/mo

30-day money-back guarantee  !

ඒවගේම ඔබට Top Ten Web Hosting for your company in Sri Lanka ( Sinhala ) ලිපිය මගින් වෙබ් හොස්ටින්ග් ආයතන සසදලා බලන්නත් පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *