InMotion cpanel Web Hosting Review in Sinhala for Sri Lankans – Reliable & Stable Web Host ඉන්මොෂන් හොස්ටින්ග් ආයතනය පිළිබඳ සමාලෝචනය

This is a review of InMotion cpanel Web hosting provider in Sinhala for Sri Lankans.  The company provides web hosting services since 2001 from Los Angeles, United States of America.  Inmotion web hosting's data centers are located in Los Angeles as well as Virgina beach.

Already over 310,000 domain are hosted with the company.  to be precise, inmotion hosting is an experienced reliable web hosts with over 18 years !

InMotion hosting කියන්නේ 2001 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන දැවැන්ත ආයතනයක් තමයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල. ඔවුන්ගේ hosting data centers පිහිටලා තියෙනවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් සහ විර්ජිනියා බීච් වල.

මේ වන විට දළ වශයෙන් ඩොමේන් ලක්ෂ 310,000 අධික ප්‍රමානයකට ඔවුන් විසින් හොස්ටින්ග් සේවා සපයමින් තිබෙනවා. ඉතින් ඔවුන් වසර 16කට වැඩි දැවැන්ත පලපුරුද්ද්දක් තිබෙන හොස්ටින්ග් සේවා සපයන්නෙක් කිව්වොත් වඩාත් නිවැරදියි.

Unlimited Space

Unlimited Bandwidth

Unlimited Emails

Free Backup's

Free Domain

Free SSL

$7.99/mo

$5.99/mo

90-day money-back guarantee  !

What are the pros of inMotion cpanel shared Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන වාසි මොනවද ?

01. Speed of web hosting servers / හොස්ටින්ග් සර්වර් වල වේගය ( High Speed )

වෙබ් හොස්ටින්ග් සර්වර් එකේ වේගය මුලික ලෙසම බලපානවා ඔබේ වෙබ් අඩවිය විවුර්ත වෙන්න යන කාලයට. ඉතින් සාමානයෙන් 410ms ~ 550ms වගේ අතර කාලයකින් වෙබ් අඩවිය load වෙනවා. මෙම අගය වෙනත් හොස්ටින්ග් සමාගම් සමග බලද්දී ඉතාම හොද ඉහල අගයක්. ( මීට අමතරව ඔබ වෙබ් අඩවිය හදලා තියෙන විදිය වගේම optimize කරලා තියෙන ආකාරයත් බලපානවා කියන එකත් අමතක කරන්න එපා වෙබ් අඩවියක් විවෘත වෙන්න යන කාලය සදහා )

02. Uptime of web hosting servers / හොස්ටින්ග් සර්වර් ස්ථාවර භාවය ( Excellent up-time of 99.97 - 99.99%  )

Server uptime ලෙස හදුවන්නේ සර්වර් එක ආරම්භ වී ස්ථාවර ලෙස ක්‍රියා කරමින් පවතින කාලය. සාමාන්‍යයෙන් කිසිම හොස්ටින්ග් සමාගමට පහසු නෑ මෙම අගය සැමවිටම සියයට සියක් ලෙස පවත්වාගන්න, මොකද සර්වර් එකේ මෘදුකාංග, දෘඩුකංග , අන්තරජාල වේගය, විදුලිය සම්භන්ධ කරුනුත් අඩු වැඩි වශයෙන් බලපානවා ස්ථාවරත්වය සදහා. InMotion hosting ආයතනය සාමානයෙන් uptime එක 99.97% - 99.9% අතර ඉහල සාර්ථක අගයක් පවත්වාගෙන යනවා. ඒක ඉතා හොද දෙයක්.

03. Customer Support/ පාරිභෝගික සේවය ( Very Supportive )

මෙය ඇත්තටම අනිවාර්යයෙන් බැලිය යුතු කරුනුක් හොස්ටින්ග් සේවා ලබාගනිද්දී හේතුව යාම් ගැටළුවක් ඇතිවුනොත් ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් විසදාගැනීමට හැකියාව පැවතිය යුතු නිසා. InMotion ආයතනය පාරිභෝගික සේවය අතින් ඉහල සිටින ආයතනයක්. හොස්ටින්ග් ගිණුමක් ආරම්භ කරද්දී දුරකතනයෙන් තහවුරු කිරීම ( මෙය කරන්නේ ඔබේ ගිණුමේ වැඩි ආරක්ෂාව ගැනත් හිතලා ) යන කරුණ හැරුණු විට ඔවුන් විශිෂ්ට සේවයක් සපයනවා. ඊමේල්, චැට්, ටිකට් සහ දුරකථන හරහා ඔබට ගැටළු විසදගන්න හරිම පහසුයි. මේ නිසා තමයි ඔවුන්ට විශේෂ පිළිගැනීමක් ශේෂ්ත්‍රයේ තිබෙන්නේත්. 

04. Free Domain / නොමිලේ ඩොමේන් 

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් නොමිලේ ඩොමේන් එකක් ලබාදෙනවා. ඉතින් සියලුම දේවල් එකම වහලක් යටින් ගන්න පුළුවන් නිසා ඔබට ඉතාම පහසුයි.

05. Ninety day money back guarantee / දින අනුවේ මුදල් ආපසු දෙන සහතිකය ( Wow ! )

දින අනුවක් එහෙම නැත්තම් දළ වශයෙන් මාස තුනක් ඔයාට කිසිම අවදානමක් නැතුව හොදට පාවිච්චි කරලා බලන්න පුළුවන් හොස්ටින්ග් සේවයක්. හොද නැත්තම් දින 90 ඇතුලත ඔබ ගෙවූ මුදල ලබාගන්න පුළුවන් ( යම් විදියකින් ඔබ නොමිලේ දෙන ඩොමේන් එක ලබාගත්තා නම්, එය ඔබට ලබාදීමට ගියපු වියදම අඩු කර ඉතිරි හොස්ටින්ග් මුදල අනිවාර්යෙන් ලැබෙනවා. ඔබට ඩොමේන් එක සම්පුර්ණ අයිතිය ලැබෙනවා. මේක ඕනෙම හොස්ටින්ග් ආයතනයකට පොදු දෙයක් මුදල් නැවත ලබාදීමේදී. ) . සාමාන්‍යයෙන් බොහොමයක් හොස්ටින්ග් ආයතන දින 30කට වඩා වැඩි කාලයක් ලබාදෙන්නේ නෑ නුමුත් InMotion Hosting එවැනි අවදානමක් නැති ඉහළ කාලයක් ලබාදෙන්නේ ඔවුන්ගේ සේවය ගැන ඔවුන්ට තිබෙන ඉහළ විශ්වාසය නිසා.

06. Free SSL Certificate / නොමිලේ SSL සහතිකය 

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් SSL සහතික නොමිලේ ලබාදෙනවා. ඉතින් පහසුවෙන් ඔබේ ඩොමේන් එකේ http වෙනුවට https කියන ආරක්‍ෂිත ලින්ක් එක භාවිතා කරන්න පුළුවන්. නිකන්  මුදල් නාස්ති කරන්න ඕන වෙන්නේ නෑ SSL සහතික මිලදී ගන්න.

07. Powered by SSD hard disk Drives / SSD හර්ඩ් ඩිස්ක් වලින් සමන්විත සර්වර් වීම

බොහොමයක් වෙනත් හොස්ටින්ග් ආයතන වලට වැඩි පුර ගෙවන්න ඕන වේගවත් හර්ඩ් ඩිස්ක් ලබාගන්න. නුමුත් මෙම ආයතනය වේගවත් Unlimited SSD හර්ඩ් ඩිස්ක් සියලුම පැකේජ සදහා ලබාදීල තියෙනවා.

08. Free Site Transfer / නොමිලේ හොස්ටින්ග් මාරු කිරීම

ඔබ වෙනත් ආයතනයක හොස්ටින්ග් කරලා තියෙනවනම් ඔවුන් නොමිලේ ඔබේ ගිණුම inmotion හොස්ටින් වෙත මාරු කිරීම කරලා දෙනවා.

09. Unlimited Diskspace, bandwidth and emails / සීමාරහිත ඉඩ, බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම්

Inmotion ආයතනය සිමා රහිතව සර්වර් ඉඩ, බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම් ඔබට ලබාදෙනවා.

10. Free data backup / ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම

නොමිලේ ඔබගේ ගිණුමේ දත්ත නිතරම backup වෙනවා 10GB දක්වා. ඒවගේම පහසුවෙන් ඒවා යලි ස්ථාපනය කරගන්නත් හැකියාව ලබාදීලා තියෙනවා. සමහර හොස්ටින්ග් ආයතන මේ සදහා වෙනම අය කරනවා නුමුත් inmotion මෙය නොමිලේ ලබාදීම ඉතාම වටිනවා.

11. Wordpress, Joomla Supported / වර්ඩ්ප්‍රෙස් සහ ජූම්ලා වැනි cms සදහා සහයෝගය දැක්වීම

WordPress සහ Joomla කියන්නේ පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය ස්ථාපනය කරගන්න පුළුවන් නොමිලේ තිබෙන content management systems කීපයක්. Inmotion හොස්ටින්ග් ආයතනය ඉහල සදහන් cms වගේම ප්‍රධාන සියලුම එවැනි වෙබ් system වලට සහයෝගය දක්වනවා ( ඒවගේම ගෙවා ලබාගත යුතු Premium Sucuri ආරක්‍ෂිත plugin එක නොමිලේ ලබාදෙනවා wordpress පැකේජ සමග ).

12. ecommerce Supported / ශෝපින්ග් කාර්ට් සේවා සදහා සහයෝගය දැක්වීම

ඔවුන් Prestashop සහ Opencart, Magento වැනි අන්තර්ජාල ශෝපින්ග් කාර්ට් සදහා සහයෝගය දක්වනවා. ඉතින් පහසුවෙන් ඔබේම අන්තරජාල store එකක් සකසාගන්න පුළුවන්.

What are the cons of inMotion cpanel shared Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන අවාසි මොනවද ?

01. Price / මිල

වෙනත් හොස්ටින්ග් සේවාවලට සාපේක්ෂව සුළු මට්ටමක මිල වැඩි බවක් පෙනුනත් ඔවුන් ලබාදෙන අසිමීත ( Unlimited space, bandwdith & emails) සහ නොමිලේ ලබාදෙන සේවා ( Free Domain, SSL &  Backup service ) එක්ක බලද්දී මේක සාදාරණ මිලක්.

02. Phone Verification / දුරකතනයෙන් තහවුරු කිරීම

හොස්ටින්ග් ගිණුමක් ස්ථපනය කිරීමට ප්‍රථම දුරකතනයෙන් ඔවුන් තහවුරු කිරීමක් කරනවා ( මෙය කරන්නේ ඔබේ ගිණුමේ වැඩි ආරක්ෂාව ගැනත් හිතලා  ). 

03. Payment Methods / මුදල් ගෙවන ක්‍රම

ඔවුන් ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ්, චෙක්, පර්චස් ඔර්ඩර් හරහා පමණයි දැනට මුදල් භාරගන්නේ. Paypal, Skrill, Neteller හෝ Bitcoin සදහා තවම සහයෝගය දක්වන්නේ නෑ.  නුමුත් පොදුවේ බැලුවොත් ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ක්‍රමය තිබෙන නිසා මෙය එතරම් ගැටළුවක් නොවේ.

Inmotion cpanel Hosting Conclusion / සාරාංශය

Inmotion හොස්ටින්ග් ආයතනය ලබාදෙන web hosting පැකේජ කිසිම කරදරයක් නැතුව වැඩි ඉඩ කඩක් එක්ක ඇති තරම් ඊමේල් භාවිතා කරමින් ඔබගේ පුද්ගලික හෝ ආයතනයේ වෙබ් අඩවි පවත්වාගෙන යන්න පුළුවන් ස්ථාවර, වගකීමක් සහිත හොද පාරිභෝගික සේවයක් සහිත හොස්ටින්ග් ආයතනයක් කියන්න පුළුවන්.

එමනිසා ඔබටත් අදම මෙම හොස්ටින්ග් සේවය ලබාන්න පුළුවන් !

Unlimited Space

Unlimited Bandwidth

Unlimited Emails

Free Backup's

Free Domain

Free SSL

$7.99/mo

$5.99/mo

90-day money-back guarantee  !

ඒවගේම ඔබට Top Ten Web Hosting for your company in Sri Lanka ( Sinhala ) ලිපිය මගින් වෙබ් හොස්ටින්ග් ආයතන සසදලා බලන්නත් පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *