Hostwinds cpanel Web Hosting Review in Sinhala for Sri Lankans – Reliable Host හොස්ට්වින්ඩ්ස් ආයතනය පිළිබඳ සමාලෝචනය

This is a review of Hostwinds.com cpanel Web hosting provider in Sinhala for Sri Lankans.  The company provides web hosting services since 2010 from Tulsa ( Oklahoma ) and Seattle in United States of America. The data centers are located in Dallas ( Texas) and Seattle ( Washington ), USA

They have over 8 years of experience in the industry.

හොස්ට්වින්ඩ්ස් කියන්නේ 2010 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන ආයතනයක් තමයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ ටුල්සා සහ සීටල්වල. ඔවුන්ගේ web hosting data centers පිහිටලා තියෙනවා ඇමරිකාවේ ඩලස් සහ සීටල්වල.

ඔවුන් වසර 8කට වැඩි පලපුරුද්ද්දක් තිබෙන හොස්ටින්ග් සේවා සපයන ආයතනයක්.

Unlimited Space

Unlimited Bandwidth

Unlimited Emails

Domain
$11.99/yr

No Free SSL

$8.99/mo

$3.74/mo

60-day money-back guarantee  !

What are the pros of Hostwinds cpanel shared Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන වාසි මොනවද ?

01. Speed of web hosting servers / හොස්ටින්ග් සර්වර් වල වේගය ( Good Speed )

වෙබ් හොස්ටින්ග් සර්වර් එකේ වේගය මුලික ලෙසම බලපානවා ඔබේ වෙබ් අඩවිය විවුර්ත වෙන්න යන කාලයට. ඉතින් සාමානයෙන් 400ms ~ 850ms වගේ අතර කාලයකින් වෙබ් අඩවිය load වෙනවා. මෙම අගය වෙනත් හොස්ටින්ග් සමාගම් සමග බලද්දී හොද අගයක්. ( මීට අමතරව ඔබ වෙබ් අඩවිය හදලා තියෙන විදිය වගේම optimize කරලා තියෙන ආකාරයත් බලපානවා කියන එකත් අමතක කරන්න එපා වෙබ් අඩවියක් විවෘත වෙන්න යන කාලය සදහා )

02. Uptime of web hosting servers / හොස්ටින්ග් සර්වර් ස්ථාවර භාවය ( Excellent up-time of 99.98 - 99.99%  )

Server uptime ලෙස හදුවන්නේ සර්වර් එක ආරම්භ වී ස්ථාවර ලෙස ක්‍රියා කරමින් පවතින කාලය. සාමාන්‍යයෙන් කිසිම හොස්ටින්ග් සමාගමට පහසු නෑ මෙම අගය සැමවිටම සියයට සියක් ලෙස පවත්වාගන්න, මොකද සර්වර් එකේ මෘදුකාංග, දෘඩුකංග , අන්තරජාල වේගය, විදුලිය සම්භන්ධ කරුනුත් අඩු වැඩි වශයෙන් බලපානවා ස්ථාවරත්වය සදහා. Hostwinds ආයතනය සාමානයෙන් uptime එක 99.98% - 99.9% අතර සාර්ථක අගයක් පවත්වාගෙන යනවා. ඒක ඉතා හොද දෙයක්.

03. Customer Support/ පාරිභෝගික සේවය ( Good Support !  )

මෙය ඇත්තටම අනිවාර්යයෙන් බැලිය යුතු කරුනුක් හොස්ටින්ග් සේවා ලබාගනිද්දී හේතුව යාම් ගැටළුවක් ඇතිවුනොත් ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් විසදාගැනීමට හැකියාව පැවතිය යුතු නිසා. ඊමේල්, චැට්, ටිකට් සහ දුරකථන හරහා ඔබට ගැටළු විසදගන්න පුළුවන්.

04. Sixty day money back guarantee / දින හැටේ මුදල් ආපසු දෙන සහතිකය ( Great ! )

දින හැටක් එහෙම නැත්තම් දළ වශයෙන් මාස දෙකක් ඔයාට කිසිම අවදානමක් නැතුව හොදට පාවිච්චි කරලා බලන්න පුළුවන් හොස්ටින්ග් සේවයක්. හොද නැත්තම් දින 60 ඇතුලත ඔබ ගෙවූ මුදල ලබාගන්න පුළුවන් ( යම් විදියකින් ඔබ ඩොමේන් එකක් මිලදී ගත්තානම්, එය ඔබට ලබාදීමට ගියපු වියදම අඩු කර ඉතිරි හොස්ටින්ග් මුදල අනිවාර්යෙන් ලැබෙනවා. ඔබට ඩොමේන් එක සම්පුර්ණ අයිතිය ලැබෙනවා. මේක ඕනෙම හොස්ටින්ග් ආයතනයකට පොදු දෙයක් මුදල් නැවත ලබාදීමේදී. ) . 

05. Free Site Transfer / නොමිලේ හොස්ටින්ග් මාරු කිරීම

ඔබ වෙනත් ආයතනයක හොස්ටින්ග් කරලා තියෙනවනම් ඔවුන් නොමිලේ ඔබේ ගිණුම Hostwinds හොස්ටින් වෙත මාරු කිරීම කරලා දෙනවා.

06. Unlimited Diskspace, bandwidth and emails / සීමාරහිත ඉඩ, බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම්

Hostwinds ආයතනය සිමා රහිතව සර්වර් ඉඩ, බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම් ඔබට ලබාදෙනවා.

07. Wordpress, Joomla & Drupal Supported / වර්ඩ්ප්‍රෙස් වැනි cms සදහා සහයෝගය දැක්වීම

WordPress කියන්නේ පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය ස්ථාපනය කරගන්න පුළුවන් නොමිලේ තිබෙන ජනප්‍රිය content management system එකක්. Hostwinds හොස්ටින්ග් ආයතනය WordPress වලට සහයෝගය දක්වනවා.  ඒවගේම Joomla. Drupal වැනි CMS සදහාත් ඔවුන් සහයෝගය දක්වනවා.  

08. ecommerce Supported / ශෝපින්ග් කාර්ට් සේවා සදහා සහයෝගය දැක්වීම

ඔවුන් magento, opencart සහ prestashop වැනි අතර්ජාල ශෝපින්ග් කාර්ට් සදහා සහයෝගය දක්වනවා. ඉතින් පහසුවෙන් ඔබේම අන්තරජාල store එකක් සකසාගන්න පුළුවන්.

09. Paypal, Skrill & Bitcoin Supported / පේපැල්, ස්ක්‍රිල් සහ බිට්කොයීන් සදහා සහයෝගය දක්වනවා

ඔවුන් පේපැල්, ස්ක්‍රිල් සහ බිට්කොයීන් සදහා සහයෝගය දක්වනවා සාමාන්‍ය ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ගෙවීම් ක්‍රමයට අමතරව. 

10. Price / මිල

වෙනත් හොස්ටින්ග් සේවාවලට සාපේක්ෂව මිල හොද මට්ටමක තියෙනවා.

What are the cons of Hostwinds cpanel shared Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන අවාසි මොනවද ?

01. No Free Domain / නොමිලේ ඩොමේන් නොලැබේ

ඔවුන් නොමිලේ ඩොමේන් ලබා දීම සිදුකරන්නේ නෑ. ඔබ ඔවුන්ගෙන් මිලදී ගන්නවානම් ඩොමේන් එකට වසරකට $11.99 වගේ වෙනවා ( මේ මිල වැඩියි වගේනම්, ඔයා ඩොමේන් එක Namecheap Domains එකෙන් අඩුවට ගන්න, ඊට පස්සේ එකේ Name Servers record ටික update කරගන්න ).

02. No Free data backup / ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම නොමිලේ ලබා නොදේ ( $3/mo )

නොමිලේ ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම සිදු කරන්නේ නෑ නුමුත් ඔබට backup සේවය මාසිකව $3 ගෙවා ලබාගන්න පුළුවන්.  නිතරම යාවත්කාලීන වන වෙබ් අඩවියක් වගේම නිතරම ඊමේල් භාවිතා වෙන ආයතනයක් නම් මේ සේවය ගෙවලා ලබාගන්න එක වඩාත් උචිතයි. සාමාන්‍ය වෙබ් අඩවියක් නම් සති දෙකකට වගේ වරක් manually backup ගන්න. එතකොට මේක ගැටළුවක් වෙන්නේ නෑ.  

03. No Free SSL Certificate / නොමිලේ SSL සහතික ලබා නොදේ

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් SSL සහතික නොමිලේ ලබාදීමක් සිදුකරන්නේ නෑ. ඔබට මේ සදහා විසදුම් දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන්ගේ ssl සහතිකයක් මිලදී ගැනීම. මේ සදහා වාර්ෂිකව $75ක් ගෙවන්න වෙන්වා. ඒක වැඩියි වගේ නම් ඔයා SSL Certificate එක Namecheap SSL Certificates එකෙන් අඩුවට ගන්න ( $9.99/yr ඉදලා ඉහලට තියෙනවා  ). ඊට පස්සේ ඒක $10ක් මෙම හොස්ටින්ග් ආයතනයට ගෙවලා ස්ථාපනය කරනගන්න පුළුවන්.  එතකොට අඩු මුදලකින් SSL එකේ ගැටලුවත් විසදගන්න පුළුවන්. 

04. SSD only for Business Hosting / SSD හර්ඩ් ඩිස්ක් ඉහල පැකේජ සදහා පමණයි

SSD වේගවත් හර්ඩ් ඩිස්ක් සහිත හොස්ටින්ග් ලබාදෙන්නේ Business hosting පැකේජයට පමණයි.

Hostwinds cpanel Hosting Conclusion / සාරාංශය

Hostiwinds හොස්ටින්ග් ආයතනය වැඩි ඉඩ කඩක් එක්ක ඇති තරම් ඊමේල් භාවිතා කරමින් ඔබගේ පුද්ගලික හෝ ආයතනයේ වෙබ් අඩවි පවත්වාගෙන යන්න පුළුවන් ස්ථාවර, වගකීමක් සහිත හොද පාරිභෝගික සේවයක් සහිත හොස්ටින්ග් ආයතනයක් කියන්න පුළුවන්. ඔබ මෙම ආයතනයෙන් හොස්ටින්ග් ගන්නවානම් අනිවාර්යෙන් data backup සේවය ලබාගන්න එහෙම නැත්තම් සති දෙකකට වරක් වත් ඔබ backup ලබාගන්න. ඒවගේම මෙහි තිබෙන ලොකු වාසියක් තමයි ස්ක්‍රිල් වගේම බිට්කොයීන් සහයෝගය දැක්වීම. ඉතින් මේ කරණු සියල්ලම ගත්විට හොද හොස්ටින්ග් ආයතනයක්‌ කියන්න පුළුවන්.

එමනිසා ඔබටත් අදම මෙම හොස්ටින්ග් සේවය ලබාන්න පුළුවන්.

Unlimited Space

Unlimited Bandwidth

Unlimited Emails

Domain
$11.99/yr

No Free SSL

$8.99/mo

$3.74/mo

60-day money-back guarantee  !

ඒවගේම ඔබට Top Ten Web Hosting for your company in Sri Lanka ( Sinhala ) ලිපිය මගින් වෙබ් හොස්ටින්ග් ආයතන සසදලා බලන්නත් පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *