Hostgator cpanel Cloud Web Hosting Review in Sinhala for Sri Lankans – හොස්ට්ගෙටර් ක්ලාවුඩ් හොස්ටින්ග් පිළිබඳ සමාලෝචනය

This is a review of Hostgator Cloud cPanel Web hosting ( Not basic shared hosting packages ) provider in Sinhala for Sri Lankans.  The company provides cpanel web hosting services since 2002 from Houston, Texas, United States.  Hostgator web hosting's data centers are located in Houston as well as in Provo in USA.  One of the companies owned by EIG ( They acquired HostGator in 2012 from founder Brent Oxley. ). Well the basic shared hosting plan is not that good but the cloud cpanel hosting is one of the best so far considering the price tag and stability. 

Host over 9,000,000 domains by the HostGator company. They have over 15 years of experience.

Hostgator hosting කියන්නේ 2002 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන දැවැන්ත ආයතනයක් තමයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ හුස්ටන් වල. ඔවුන්ගේ hosting data centers පිහිටලා තියෙනවා ඇමරිකාවේ හුස්ටන් සහ ප්‍රොවෝ වල.

මිලියන 9කට වඩා ඩොමේන් මෙම ආයතනය විසින් හොස්ට් කරනවා. වසර 15ක පමණ පළපුරුදු ආයතයක්. ( 2012 වසරේදී EIG ආයතනය විසින් මෙය මිලදී ගනු ලැබුවා බ්‍රෙන්ට් ඔක්ස්ලිගෙන් )  අප මෙම ලිපිය මගින් කතා කරන්නේ ඔවුන් විසින් අලුතෙන් හදුන්වලා දුන්න cloud හොස්ටින්ග් පැකේජය ගැන එහි මිල සහ ස්ථාවරත්වය නිසා. ඔවුන්ගේ සාමාන්‍ය shared හොස්ටින්ග් එක නම් එතරම් සුදුසු නෑ. ගන්නවානම්  HostGator cpanel cloud හොස්ටින්ග් පැකේජයකට යන්න. 

Unlimited Space

Unlimited Bandwidth

Unlimited Emails

Free Backup's

Domain
$15/yr

Free SSL
(Business Plan only)

$8.95/mo

$4.95/mo

45-day money-back guarantee  !

What are the pros of Hostgator Cloud Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ ක්ලාවුඩ් හොස්ටින්ග් පැකේජයේ තිබෙන වාසි මොනවද ?

01. Speed of web hosting servers / හොස්ටින්ග් සර්වර් වල වේගය ( High Speed )

වෙබ් හොස්ටින්ග් සර්වර් එකේ වේගය මුලික ලෙසම බලපානවා ඔබේ වෙබ් අඩවිය විවෘත වෙන්න යන කාලයට. ඉතින් සාමානයෙන් 500ms ~ 560ms වගේ අතර කාලයකින් වෙබ් අඩවිය load වෙනවා. ( මීට අමතරව ඔබ වෙබ් අඩවිය හදලා තියෙන විදිය වගේම optimize කරලා තියෙන ආකාරයත් බලපානවා කියන එකත් අමතක කරන්න එපා වෙබ් අඩවියක් විවෘත වෙන්න යන කාලය සදහා )

02. Uptime of web hosting servers / හොස්ටින්ග් සර්වර් ස්ථාවර භාවය ( Excellent up-time of 99.98 - 99.99%  )

Server uptime ලෙස හදුවන්නේ සර්වර් එක ආරම්භ වී ස්ථාවර ලෙස ක්‍රියා කරමින් පවතින කාලය. සාමාන්‍යයෙන් කිසිම හොස්ටින්ග් සමාගමට පහසු නෑ මෙම අගය සැමවිටම සියයට සියක් ලෙස පවත්වාගන්න, මොකද සර්වර් එකේ මෘදුකාංග, දෘඩුකංග , අන්තරජාල වේගය, විදුලිය සම්භන්ධ කරුනුත් අඩු වැඩි වශයෙන් බලපානවා ස්ථාවරත්වය සදහා. Hostgator cloud hosting සාමානයෙන් uptime එක 99.98% - 99.9% අතර ඉහල සාර්ථක අගයක් පවත්වාගෙන යනවා. ඒක ඉතා හොද දෙයක්.

03. Customer Support/ පාරිභෝගික සේවය ( Good )

මෙය ඇත්තටම අනිවාර්යයෙන් බැලිය යුතු කරුනුක් හොස්ටින්ග් සේවා ලබාගනිද්දී හේතුව යාම් ගැටළුවක් ඇතිවුනොත් ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් විසදාගැනීමට හැකියාව පැවතිය යුතු නිසා. ඊමේල්, චැට්, ටිකට් සහ දුරකථන හරහා ඔබට ගැටළු විසදගන්න පහසුකම ලබාදීලා තිබෙනවා. සාමාන්‍යයෙන් EIG ආයතනයේ අයිතිය යටතේ තිබේන හොස්ටින්ග් ආයතන වල පාරිභෝගික සහයෝගය තරමක් දුරට අඩුයි අනිත් ආයතනත් එක්ක බලද්දී නුමුත් වෙනත් EIG බ්‍රෑන්ඩ් එක්ක බලද්දී ඉහල මට්ටමක තිබෙනවා.

04. Price / මිල ( Cloud package for the price of shared package ! )

වේගවත් ක්ලාවුඩ් හොස්ටින්ග් පැකේජක් සාමාන්‍ය හොස්ටින්ග් පැකේජ මිලකට ගන්න තිබෙන අවස්ථාව අඩුයි. එමනිසා මේය ඉතා සාදාරණ සහ වාසිසහගත මිලක් කියන්න පුළුවන්.

05. Fourty Five day money back guarantee / දින හතලිස් පහක මුදල් ආපසු දෙන සහතිකය ( Wow ! )

දින හතලිස් පහක එහෙම නැත්තම් දළ වශයෙන් මාස තුනහමාරක ඔයාට කිසිම අවදානමක් නැතුව හොදට පාවිච්චි කරලා බලන්න පුළුවන් හොස්ටින්ග් සේවයක්. හොද නැත්තම් දින 45 ඇතුලත ඔබ ගෙවූ මුදල ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බොහොමයක් හොස්ටින්ග් ආයතන දින 30කට වඩා වැඩි කාලයක් ලබාදෙන්නේ නෑ නුමුත් Hostgator Hosting එවැනි අවදානමක් නැති ඉහළ කාලයක් ලබාදීම පැසසිය යුතු දෙයක්.

06. More RAM & CPU / වැඩිපුර රැම් සහ සිපියු ! 

2GB Memory සහ 2 Core CPU සිට ඉහලට ලබාදෙනවා සියලුම ක්ලාවුඩ් හොස්ටින්ග් පැකේජ සදහා. මෙය ඔබේ වෙබ් අඩවියට ඉතා ඉහල වේගයක් වගේම ස්ථාවර භාවයකුත් ලබාදෙන්න උපකාරී වෙන්වා.

07. Free Site Transfer / නොමිලේ හොස්ටින්ග් මාරු කිරීම

ඔබ වෙනත් ආයතනයක හොස්ටින්ග් කරලා තියෙනවනම් ඔවුන් නොමිලේ ඔබේ ගිණුම Hostgator හොස්ටින් වෙත මාරු කිරීම කරලා දෙනවා.

08. Unlimited Diskspace, bandwidth and emails / සීමාරහිත ඉඩ, බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම්

Hostgator ( Cloud ) ආයතනය සිමා රහිතව සර්වර් ඉඩ, බෑන්ඩ්විද්ත් සහ ඊමේල් ගිණුම් ඔබට ලබාදෙනවා.

09. Free data backup / ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම

නොමිලේ ඔබගේ ගිණුමේ දත්ත එදිනෙදා backup වෙනවා. ඒවගේම පහසුවෙන් ඒවා යලි ස්ථාපනය කරගන්නත් හැකියාව ලබාදීලා තියෙනවා. සමහර හොස්ටින්ග් ආයතන මේ සදහා වෙනම අය කරනවා නුමුත් Hostgator ආයතනයත් මෙය නොමිලේ ලබාදීම ඉතාම වටිනවා.

11. Wordpress Supported / වර්ඩ්ප්‍රෙස් cms සදහා සහයෝගය දැක්වීම

WordPress කියන්නේ පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය ස්ථාපනය කරගන්න පුළුවන් නොමිලේ තිබෙන content management system එකක්. Hostgator හොස්ටින්ග් ආයතනය ඉහල සහයෝගයක් දක්වනවා WordPress සදහා.

12. Paypal Supported / පෙපැල් සහයෝගය දැක්වීම  ( Safe ! )

ඔවුන් Paypal හරහා මුදල් ගෙවීම් ලබාගන්නවා. Paypal තිබෙන නිසා ආරක්ෂාකාරී ලෙස මුදල් ගෙවන්න පුළුවන් ( ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් හරහා ගෙවන්නත් පුළුවන් )

What are the cons of HostGator cPanel shared Cloud Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන අවාසි මොනවද ?

01. No Free Domain / නොමිලේ ඩොමේන් නොලැබේ

ඔවුන් නොමිලේ ඩොමේන් ලබා දීම සිදුකරන්නේ නෑ. ඔබ ඔවුන්ගෙන් මිලදී ගන්නවානම් ඩොමේන් එකට වසරකට $15 වගේ වෙනවා ( මේකට පොඩි විසදුමක් තියෙනවා. ඔයා ඩොමේන් එක Namecheap Domains එකෙන් අඩුවට ගන්න. ඊට පස්සේ එකේ Name Servers record ටික update කරගන්න ).

02. No Free SSL / නොමිලේ SSL සහතිකය නොලැබේ ( Only Free with Business Cloud Package ! )

ඔවුන් නොමිලේ SSL ලබා දීම සිදුකරන්නේ නෑ සාමාන්‍ය cloud පැකේජය එක්ක ( SSL නොමිලේ ලැබෙන්නේ $9.95/mo හොස්ටින්ග් සදහා ගෙවිය යුතු Business Cloud පැකේජය සදහා පමණයි ) . සාමාන්‍ය cloud පැකේජය සදහා ඔබ ඔවුන්ගෙන් මිලදී ගන්නවානම් වසරකට $25 වගේ යනවා ( $99.99 ComodoSSLඑක හරි $39.99 Positive SSL සහතිකය තමයි මෙම වට්ටම් සහිත අඩු මුදලට දෙන්නේ ) සහ ඔවුන් එය නොමිලේ ස්ථාපනය කරලා දෙනවා . ඔබ Namecheap වගේ ආයතනයකින් SSL එක අඩුවට අරගෙන ස්ථාපනය කරගන්නත් පුළුවන් ( $9.99 ඉදලා ඉහලට SSL සහතික තියෙනවා ) සහ හොස්ටින්ග් ආයතනය $10 එම SSL සහතිකය ස්ථාපනය කිරීම සදහා ලබාගන්නවා. 

03. Skrill, Neteller හෝ Bitcoin ගෙවීම් සදහා සහයෝගය දක්වන්නේ නෑ !

ඔවුන් ඉහත සදහන් ගෙවීම් ක්‍රම සදහා තවම සහයෝගය දක්වන්නේ නෑ.  නුමුත් පොදුවේ බැලුවොත් Payapal, ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ක්‍රම තිබෙන නිසා මෙය එතරම් ගැටළුවක් නොවේ.

HostGator cPanel shared Cloud Hosting Conclusion / සාරාංශය

Hostgator Cloud හොස්ටින්ග් ආයතනය ලබදෙන පැකේජ අනුව කිසිම කරදරයක් නැතුව වැඩි ඉඩ කඩක් එක්ක ඇති තරම් ඊමේල් භාවිතා කරමින් ඔබගේ පුද්ගලික හෝ ආයතනයේ වෙබ් අඩවි පවත්වාගෙන යන්න පුළුවන් ස්ථාවර, වගකීමක් සහිත හොද පාරිභෝගික සේවයක් සහිත හොස්ටින්ග් ආයතනයක් කියන්න පුළුවන්.  විශේෂයෙන්ම ක්ලාවුඩ් හොස්ටින්ග් සේවයක් මෙතරම් සාදාරණ මිලකට ඉහල වේගයකින් ලබාගන්න හොද අවස්ථාවක් 

එමනිසා ඔබටත් අදම මෙම හොස්ටින්ග් සේවය ලබාන්න පුළුවන්.

Unlimited Space

Unlimited Bandwidth

Unlimited Emails

Free Backup's

Domain
$15/yr

Free SSL
(Business Plan only)

$8.95/mo

$4.95/mo

45-day money-back guarantee  !

ඒවගේම ඔබට Top Ten Web Hosting for your company in Sri Lanka ( Sinhala ) ලිපිය මගින් වෙබ් හොස්ටින්ග් ආයතන සසදලා බලන්නත් පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *