Green Geeks cpanel Web Hosting Review in Sinhala for Sri Lankans – Affordable Host ග්‍රීන් ගීක්ස් ආයතනය පිළිබඳ සමාලෝචනය

This is a review of GreenGeeks.com cpanel web hosting provider in Sinhala for Sri Lankans.  The company provides web hosting services since 2008 from California in United States of America. The data centers are located in Chicago ( USA ), Phoenix ( USA ), Toronto ( CA ), Montreal ( Amsterdam ) and Amsterdam ( Netherlands ).

The company currently provides hosting services to over 35,000 customers. Also they have over 10 years of experience in the industry.

ග්‍රීන් ගීක්ස් කියන්නේ 2008 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන ආයතනයක් තමයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆොර්නියාවල. ඔවුන්ගේ web hosting data centers පිහිටලා තියෙනවා චිකාගෝ ( ඇමරිකාවේ ), ෆීනික්ස් ( ඇමරිකාවේ ), ටොරන්ටෝ ( කැනඩාවේ ), මොන්ට්‍රිල් (නෙදර්ලන්තයේ ) සහ අම්ස්ටර්ඩෑම්වල (නෙදර්ලන්තයේ ).

මේ වන විට 35000 වැඩි පාරිභෝගිකයන් පිරිසකට සේවා ලබාදෙන ආයතනයක්.  ඒවගේම ඔවුන් වසර 10කට වැඩි පලපුරුද්ද්දක් තිබෙන හොස්ටින්ග් සේවා සපයන ආයතනයක්. 

Unlimited Space

Unlimited Bandwidth

Free Backup's

Free Domain

No Free SSL

$9.95/mo

$3.95/mo

30-day money-back guarantee  !

What are the pros of GreenGeeks cpanel shared Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන වාසි මොනවද ?

01. Speed of web hosting servers / හොස්ටින්ග් සර්වර් වල වේගය ( Good Speed )

වෙබ් හොස්ටින්ග් සර්වර් එකේ වේගය මුලික ලෙසම බලපානවා ඔබේ වෙබ් අඩවිය විවුර්ත වෙන්න යන කාලයට. ඉතින් සාමානයෙන් 500ms ~ 990ms වගේ අතර කාලයකින් වෙබ් අඩවිය load වෙනවා. ( මීට අමතරව ඔබ වෙබ් අඩවිය හදලා තියෙන විදිය වගේම optimize කරලා තියෙන ආකාරයත් බලපානවා කියන එකත් අමතක කරන්න එපා වෙබ් අඩවියක් විවෘත වෙන්න යන කාලය සදහා )

02. Uptime of web hosting servers / හොස්ටින්ග් සර්වර් ස්ථාවර භාවය ( Excellent up-time of 99.95 - 99.99%  )

Server uptime ලෙස හදුවන්නේ සර්වර් එක ආරම්භ වී ස්ථාවර ලෙස ක්‍රියා කරමින් පවතින කාලය. සාමාන්‍යයෙන් කිසිම හොස්ටින්ග් සමාගමට පහසු නෑ මෙම අගය සැමවිටම සියයට සියක් ලෙස පවත්වාගන්න, මොකද සර්වර් එකේ මෘදුකාංග, දෘඩුකංග , අන්තරජාල වේගය, විදුලිය සම්භන්ධ කරුනුත් අඩු වැඩි වශයෙන් බලපානවා ස්ථාවරත්වය සදහා. GreenGeeks ආයතනය සාමානයෙන් uptime එක 99.95% - 99.9% අතර සාර්ථක අගයක් පවත්වාගෙන යනවා. ඒක ඉතා හොද දෙයක්.

03. Customer Support/ පාරිභෝගික සේවය ( Good Support !  )

මෙය ඇත්තටම අනිවාර්යයෙන් බැලිය යුතු කරුනුක් හොස්ටින්ග් සේවා ලබාගනිද්දී හේතුව යාම් ගැටළුවක් ඇතිවුනොත් ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් විසදාගැනීමට හැකියාව පැවතිය යුතු නිසා. ඊමේල්, චැට් සහ දුරකථන හරහා ඔබට ගැටළු විසදගන්න පුළුවන්.

04. Free Domain / නොමිලේ ඩොමේන් 

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් නොමිලේ ඩොමේන් එකක් ලබාදෙනවා. ඉතින් සියලුම දේවල් එකම වහලක් යටින් ගන්න පුළුවන් නිසා ඔබට ඉතාම පහසුයි.

05. Thirty day money back guarantee / දින තිහේ මුදල් ආපසු දෙන සහතිකය ( Great ! )

දින තිහක් එහෙම නැත්තම් දළ වශයෙන් මාසයක් ඔයාට කිසිම අවදානමක් නැතුව හොදට පාවිච්චි කරලා බලන්න පුළුවන් හොස්ටින්ග් සේවයක්. හොද නැත්තම් දින 30 ඇතුලත ඔබ ගෙවූ මුදල ලබාගන්න පුළුවන් ( යම් විදියකින් ඔබ නොමිලේ දෙන ඩොමේන් එක ලබාගත්තා නම් , එය ඔබට ලබාදීමට ගියපු වියදම අඩු කර ඉතිරි හොස්ටින්ග් මුදල අනිවාර්යෙන් ලැබෙනවා. ඔබට ඩොමේන් එක සම්පුර්ණ අයිතිය ලැබෙනවා. මේක ඕනෙම හොස්ටින්ග් ආයතනයකට පොදු දෙයක් මුදල් නැවත ලබාදීමේදී. ) . 

06. Free Site Transfer / නොමිලේ හොස්ටින්ග් මාරු කිරීම

ඔබ වෙනත් ආයතනයක හොස්ටින්ග් කරලා තියෙනවනම් ඔවුන් නොමිලේ ඔබේ ගිණුම GreenGeeks හොස්ටින් වෙත මාරු කිරීම කරලා දෙනවා.

07. Unlimited Diskspace, bandwidth  / සීමාරහිත ඉඩ සහ බෑන්ඩ්විද්ත් 

GreenGeeks ආයතනය සිමා රහිතව සර්වර් ඉඩ සහ බෑන්ඩ්විද්ත් ඔබට ලබාදෙනවා.

08. Powered by SSD hard disk Drives / SSD හර්ඩ් ඩිස්ක් වලින් සමන්විත සර්වර් වීම

බොහොමයක් වෙනත් හොස්ටින්ග් ආයතන වලට වැඩි පුර ගෙවන්න ඕන වේගවත් හර්ඩ් ඩිස්ක් ලබාගන්න. නුමුත් මෙම ආයතනය වේගවත් Unlimited SSD හර්ඩ් ඩිස්ක් සාමාන්‍ය පැකේජ සදහාත් ලබාදීලා තියෙනවා.

09. Free data backup / ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම

නොමිලේ ඔබගේ ගිණුමේ දත්ත නිතරම backup වෙනවා. ඒවගේම ඔවුන් යලි ස්ථාපනය කරදීම නොමිලේ කරලා දෙනවා ( මාසෙකට එක සැරයක් නොමිලේ ) අවශ්‍ය වුවහොත්.

09. Free Cloudfare CDN /  නොමිලේ ක්ලවුඩ්ෆෙයාර් පහසුකම 

Cloudfare CDN පහසුකම ඔබට නොමිලේ ලබාදී තියෙනවා. මෙමගින් ඔබගේ වෙබ් අඩවියේ වේගය වැඩි කරලා දෙනවා වගේම පාවිච්චි වෙන බෑන්ඩ්විද්ත් එක අඩු කරලා දෙනවා.

10. Wordpress, Joomla & Drupal Supported / වර්ඩ්ප්‍රෙස් වැනි cms සදහා සහයෝගය දැක්වීම

WordPress කියන්නේ පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය ස්ථාපනය කරගන්න පුළුවන් නොමිලේ තිබෙන ජනප්‍රිය content management system එකක්. GreenGeeks හොස්ටින්ග් ආයතනය WordPress වලට සහයෝගය දක්වනවා.  ඒවගේම Joomla. Drupal වැනි CMS සදහාත් ඔවුන් සහයෝගය දක්වනවා.  

11. ecommerce Supported / ශෝපින්ග් කාර්ට් සේවා සදහා සහයෝගය දැක්වීම

ඔවුන් magento, zencart සහ prestashop වැනි අතර්ජාල ශෝපින්ග් කාර්ට් සදහා සහයෝගය දක්වනවා. ඉතින් පහසුවෙන් ඔබේම අන්තරජාල store එකක් සකසාගන්න පුළුවන්.

12. Paypal Supported / පේපැල් සදහා සහයෝගය දක්වනවා

ඔවුන් පේපැල් සදහා සහයෝගය දක්වනවා සාමාන්‍ය ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ගෙවීම් ක්‍රමයට අමතරව. 

13. Price / මිල

වෙනත් හොස්ටින්ග් සේවාවලට සාපේක්ෂව මිල හොද මට්ටමක තියෙනවා.

What are the cons of GreenGeeks cpanel shared Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන අවාසි මොනවද ?

01.Skrill & Bitcoin not supported / ස්ක්‍රිල් සහ බිට්කොයීන් සදහා සහයෝගය දක්වන්නේ නෑ

ඔවුන් ස්ක්‍රිල් සහ බිට්කොයීන් සදහා සහයෝගය දක්වන්නේ නෑ තවමත් සාමාන්‍ය ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් සහ පේපැල් ගෙවීම් ක්‍රම වලට අමතරව. 

02. No Free SSL Certificate / නොමිලේ SSL සහතික ලබා නොදේ

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් SSL සහතික නොමිලේ ලබාදීමක් සිදුකරන්නේ නෑ. ඔබට මේ සදහා විසදුම් දෙකක් තියෙනවා. එකක් තමයි ඔවුන්ගේ ssl සහතිකයක් මිලදී ගැනීම. මේ සදහා වාර්ෂිකව $49.95ක් ගෙවන්න වෙන්වා. ඒක වැඩියි වගේ නම් ඔයා SSL Certificate එක Namecheap SSL Certificates එකෙන් අඩුවට ගන්න ( $9.99/yr ඉදලා ඉහලට තියෙනවා  ). ඊට පස්සේ ඒක මෙම හොස්ටින්ග් ආයතනයට කියලා ස්ථාපනය කරනගන්න පුළුවන්. එතකොට අඩු මුදලකින් SSL එකේ ගැටලුවත් විසදගන්න පුළුවන්. 

GreenGeeks cpanel Hosting Conclusion / සාරාංශය

GreenGeeks හොස්ටින්ග් ආයතනය වැඩි ඉඩ කඩක් එක්ක සීමා රහිත බෑන්ඩ්විත් සමග ඊමේල් භාවිතා කරමින් ඔබගේ පුද්ගලික හෝ ආයතනයේ වෙබ් අඩවි පවත්වාගෙන යන්න පුළුවන් ස්ථාවර, වගකීමක් සහිත හොද පාරිභෝගික සේවයක් සහිත හොස්ටින්ග් ආයතනයක් කියන්න පුළුවන්. SSLවලට යන අමතර වියදම ඉහත සදහන් කල ආකාරයට අඩු කරගෙන මෙම හොස්ටින්ග් සේවය භාවිතා කරන්න පුළුවන්.

එමනිසා ඔබටත් අදම මෙම හොස්ටින්ග් සේවය ලබාන්න පුළුවන්.

Unlimited Space

Unlimited Bandwidth

Free Backup's

Free Domain

No Free SSL

$9.95/mo

$3.95/mo

30-day money-back guarantee  !

ඒවගේම ඔබට Top Ten Web Hosting for your company in Sri Lanka ( Sinhala ) ලිපිය මගින් වෙබ් හොස්ටින්ග් ආයතන සසදලා බලන්නත් පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *