Bluehost cpanel Hosting Review in Sinhala for Sri Lankans – Cheap Web Host බ්ලුහොස්ටින්ග් ආයතනය පිළිබඳ සමාලෝචනය

This is a review of Bluehost cpanel Web hosting provider in Sinhala for Sri Lankans.  The company provides web hosting services since 2003 from Orem, Utah, United States of America.  Bluehost web hosting's data centers are located in Provo. Another company owned by EIG ( They acquired Bluehost in 2010 from founder Matt Heaton ).

Over 2 million domains are hosted with the company with over 15 years of experience. 

ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ ඔරේම්වල. ඔවුන්ගේ hosting data centers පිහිටලා තියෙනවා ඇමරිකාවේ ප්‍රොවෝ වල. 

මිලියන 2කට වඩා ඩොමේන් මෙම ආයතනය විසින් හොස්ට් කරනවා. වසර 15ක පමණ පළපුරුදු ආයතයක්. ( 2010 වසරේදී EIG ආයතනය විසින් මෙය මිලදී ගනු ලැබුවා මැට් හීටෝන්ගෙන් ).

50GB Space

Unlimited Bandwidth

Free Domain

Free SSL
( WordPress Websites & GoPro Plans only )

$7.99/mo

$2.95/mo

30-day money-back guarantee  !

What are the pros of Bluehost cpanel shared Web Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන වාසි මොනවද ?

01. Speed of web hosting servers / හොස්ටින්ග් සර්වර් වල වේගය ( High Speed )

වෙබ් හොස්ටින්ග් සර්වර් එකේ වේගය මුලික ලෙසම බලපානවා ඔබේ වෙබ් අඩවිය විවුර්ත වෙන්න යන කාලයට. ඉතින් සාමානයෙන් 510ms ~ 650ms වගේ අතර කාලයකින් වෙබ් අඩවිය load වෙනවා. මෙම අගය හොද ඉහල අගයක්. ( මීට අමතරව ඔබ වෙබ් අඩවිය හදලා තියෙන විදිය වගේම optimize කරලා තියෙන ආකාරයත් බලපානවා කියන එකත් අමතක කරන්න එපා වෙබ් අඩවියක් විවෘත වෙන්න යන කාලය සදහා )

02. Uptime of web hosting servers / හොස්ටින්ග් සර්වර් ස්ථාවර භාවය ( Excellent up-time of 99.91 - 99.98%  )

Server uptime ලෙස හදුවන්නේ සර්වර් එක ආරම්භ වී ස්ථාවර ලෙස ක්‍රියා කරමින් පවතින කාලය. සාමාන්‍යයෙන් කිසිම හොස්ටින්ග් සමාගමට පහසු නෑ මෙම අගය සැමවිටම සියයට සියක් ලෙස පවත්වාගන්න, මොකද සර්වර් එකේ මෘදුකාංග, දෘඩුකංග , අන්තරජාල වේගය, විදුලිය සම්භන්ධ කරුනුත් අඩු වැඩි වශයෙන් බලපානවා ස්ථාවරත්වය සදහා. Bluehost Hosting ආයතනය සාමානයෙන් uptime එක 99.91% - 99.8% අතර සාර්ථක අගයක් පවත්වාගෙන යනවා. ඒක ඉතා හොද දෙයක්.

03. Free Domain / නොමිලේ ඩොමේන් 

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් නොමිලේ ඩොමේන් එකක් ලබාදෙනවා. ඉතින් සියලුම දේවල් එකම වහලක් යටින් ගන්න පුළුවන් නිසා ඔබට ඉතාම පහසුයි.

04. Thirty day money back guarantee / දින තිහේ මුදල් ආපසු දෙන සහතිකය ( Wow ! )

දින තිහේ එහෙම නැත්තම් දළ වශයෙන් මාසයක් ඔයාට කිසිම අවදානමක් නැතුව හොදට පාවිච්චි කරලා බලන්න පුළුවන් හොස්ටින්ග් සේවයක්. හොද නැත්තම් දින 30 ඇතුලත ඔබ ගෙවූ මුදල ලබාගන්න පුළුවන් ( යම් විදියකින් ඔබ නොමිලේ දෙන ඩොමේන් එක ලබාගත්තා නම්, එය ඔබට ලබාදීමට ගියපු වියදම අඩු කර ඉතිරි හොස්ටින්ග් මුදල අනිවාර්යෙන් ලැබෙනවා. ඔබට ඩොමේන් එක සම්පුර්ණ අයිතිය ලැබෙනවා. මේක ඕනෙම හොස්ටින්ග් ආයතනයකට පොදු දෙයක් මුදල් නැවත ලබාදීමේදී. ) .

05. Unlimited bandwidth / සීමාරහිත බෑන්ඩ්විද්ත් 

Bluehost ආයතනය සිමා රහිතව සර්වර් බෑන්ඩ්විද්ත් ඔබට ලබාදෙනවා.

06. Wordpress Supported / වර්ඩ්ප්‍රෙස් cms සදහා සහයෝගය දැක්වීම

WordPress කියන්නේ පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය ස්ථාපනය කරගන්න පුළුවන් නොමිලේ තිබෙන content management system එකක්. Bluehost හොස්ටින්ග් ආයතනය ඉහල සහයෝගයක් දක්වනවා WordPress සදහා. 

07. Free SSL for WordPress Websites / වර්ඩ්ප්‍රෙස් සදහා නොමිලේ SSL සහතිකය

වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියක් සදහා නොමිලේ SSL සහතිකය ලබාදෙනවා. ( ඒවගේම Gopro පැකේජය සදහා නොමිලේ ලැබෙනවා ) 

08. ecommerce Supported / ශෝපින්ග් කාර්ට් සේවා සදහා සහයෝගය දැක්වීම

ඔවුන් prestashop වැනි අතර්ජාල ශෝපින්ග් කාර්ට් සදහා සහයෝගය දක්වනවා. ඉතින් පහසුවෙන් ඔබේම අන්තරජාල store එකක් සකසාගන්න පුළුවන්.

09. Paypal & Credit Card Supported / පේපැල් සහ කාර්ඩ් ගෙවීම් සහයෝගය දක්වනවා

ඔවුන් පේපැල් සහ ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ගෙවීම් සහයෝගය දක්වනවා.  පේපැල් තිබෙන නිසා ඔබට ආරක්ෂිතව ගෙවන්න පුළුවන්.  

What are the cons of Bluehost cpanel shared Web Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන අවාසි මොනවද ?

01. Customer Support/ පාරිභෝගික සේවය ( Not Fast Enough ! )

මෙය ඇත්තටම අනිවාර්යයෙන් බැලිය යුතු කරුණක් හොස්ටින්ග් සේවා ලබාගනිද්දී හේතුව යාම් ගැටළුවක් ඇතිවුනොත් ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් විසදාගැනීමට හැකියාව පැවතිය යුතු නිසා. ඊමේල්, චැට්, ටිකට් සහ දුරකථන හරහා ඔබට ගැටළු විසදගන්න පහසුකම ලබාදීලා තියෙනවා නුමුත් වෙනත් හොස්ටින්ග් ආයතනත් එක්ක බලද්දී ඉතා ඉහළ කාලයක් යනවා සුළු ප්‍රශ්නයකට වුනත් විසදුමක් / පිළිතුරක් ලබාගන්න. සාමානයෙන් ඉහල ඩොමේන් ප්‍රතිශතයක් හොස්ට් කරන නිසා එහෙම වෙන්න පුළුවන් වගේම EIG සමුහයට අයත් බොහොමයක් ආයතන වල අනිත් හොස්ටින් ආයතන එක්ක බලද්දී භාරිභෝගික සහයෝගය අඩුයි. සාමාන්‍ය වෙබ් අඩවියකට නම් මේක ගැටළුවක් නෑ නුමුත් database එක්ක වැඩ කරන වෙබ් අඩවියක් නම් ඔයා හොස්ට් කරන්නේ , ඒගැනත් දෙවරක් හිතන්න.  

02. No Free Site Transfer / නොමිලේ හොස්ටින්ග් මාරු කිරීම නොකරයි 

ඔබ වෙනත් ආයතනයක හොස්ටින්ග් කරලා තියෙන ගිණුම bluehost වෙත මාරු කරන්න ඔවුන් $149 අය කරනවා ( උපරිමව වෙබ් අඩවි පහක් සහ ඊමේල් ගිණුම් 20ක් මාරු කිරීම සදහා ). වෙනත් ආයතන බොහොමයක් මෙය නොමිලේ ලබාදෙන සේවයක්, එමනිසා වෙනත් ආයතනයක හොස්ටින්ග්  දැනට තියෙන අය මෙම ආයතනයේ හොස්ටින්ග් වලට මාරු වීම තේරුමක් නැති වැඩක් වගේම අමතර වියදමක්. ඒක නිසා අලුත්ම වෙබ් අඩවි සදහා පමණක් bluehost හොදයි කියන්න පුළුවන්.

03. No Free data backup / ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම නොමිලේ සිදු නොකරයි

ඔබගේ ගිණුමේ දත්ත එදිනෙදා backupකිරීම නොමිලේ සිදු කරන්නේ නෑ වෙනත් බොහොමයක් හොස්ටින්ග් ආයතන වගේ ( Prime හෝ Gopro වැනි ඉහල මිලක් මාසිකව ගෙවිය යුතු පැකේජ වල පමණක් මෙම සේවය නොමිලේ ලබාදෙනවා ). මෙම සේවය ලබාගන්න අවශ්‍ය අයට මාසෙකට $2.99 ගෙවන්න වෙනවා. 

04. Limited Space & Emails /සීමා සහිත ඉඩ සහ ඊමේල් පහසුකම

වෙනත් ආයතන මෙන් ඔවුන් සීමා රහිත ඉඩක් Basic පැකේජ් එකේදී ලබාදෙන්නේ නෑ ( ඉහල පැකේජ වල ලැබෙනවා ). නුමුත් වෙබ් අඩවියකට ( පින්තුර විශාල ප්‍රමාණයක් තිවුනත් ) මෙය කිසිම ගැටළුවක් වෙන්නේ නෑ මොකද 50GB වගේ ඉඩක් ලැබෙන නිසා. ඒවගේම ඔබට ඊමේල් ගිණුම් 5යි උපරිමව ලැබෙන්නේ. ඒවගේම ඊමේල් ගිණුමේ උපරිම ඉඩ 100mb. වැඩි ඊමේල් ගිණුම් අවශ්‍යයි නම් හෝ ඉහල ප්‍රමාණයක ඊමේල් හුවමාරු වෙනවනම් මෙම අඩුමිල Basic පැකේජ්ය සුදුසු වෙන්නේ නෑ ( ඉහල පැකේජ වල සීමා රහිතව මේ දේවල් ලැබෙනවා ).

05. No Free SSL / නොමිලේ SSL සහතිකය නොලැබේ ( Free only for wordpress websites )

ඔවුන් නොමිලේ SSL ලබා දීම සිදුකරන්නේ නෑ Basic පැකේජය සදහා හෝ සාමාන්‍ය html වෙබ් අඩවි සදහා ( WordPress  වෙබ් අඩවි සදහා පමණක් නොමිලේ ලබාදෙනවා ) . ඔබ ඔවුන්ගෙන් මිලදී ගන්නවානම් වසරකට $49.99 වගේ යනවා ( Dedicated IP එකක් ඕන වෙනවා ). ඔබ Namecheap වගේ ආයතනයකින් SSL එක අඩුවට අරගෙන ස්ථාපනය කරගන්නත් පුළුවන් ( $9.99 ඉදලා SSL සහතික තියෙනවා ) .

06. Bitcoin, Skrill or Neteller not supported / බිට්කොයීන්, නෙටෙල්ලර් සහ ස්ක්‍රිල් සහයෝගය දක්වන්නේ නෑ

ඔවුන් බිට්කොයීන්, නෙටෙල්ලර් සහ ස්ක්‍රිල් වැනි ක්‍රම සදහා සහයෝගය දක්වන්නේ නෑ.

Bluehost cpanel Web Hosting Conclusion / සාරාංශය

Bluehost හොස්ටින්ග් ආයතනය ලබදෙන Basic පැකේජය ඉතාම අඩු මිලක් වෙන්නේ සහ නොමිලේ ඩොමේන් එකකුත් ලබාගන්න පුළුවන්. එතරම් ඉක්මන් නැති භාරිභෝගික සේවය, backup සදහා වෙනම ගෙවන්න වීම සහ ඊමේල් වලට තිබෙන සීමා සහිත කම නිසා සාමාන්‍ය වෙබ් අඩවියකට වගේම එතරම් ඊමේල් පාවිච්චි නොවෙන කුඩා වියාපාර සදහා සුදුසුයි. නිතරම යාවත්කාලීන වන වෙබ් අඩවි, විශාල database සමග තිබෙන වෙබ් අඩවිසහ නිතර ඊමේල් භාවිතා වෙන ආයතන සදහා Basic ( $2.95/mo ) හෝ Plus ( $5.95/mo ) cpanel පැකේජ සුදුසු වෙන්නේ නෑ ( backup සේවය සදහා වෙනම ගෙවීම කරන්න පුළුවන් නම් එතරම් ගැටළුවක් නෑ ). නුමුත් Prime ( $5.95/mo ) හෝ  GoPro ( $13.95/mo ) ඉහල shared cpanel පැකේජයක් එවැනි ආයතන සදහා වඩාත් සුදුසුයි. 

50GB Space

Unlimited Bandwidth

Free Domain

Free SSL
( WordPress Websites & GoPro Plans only )

$7.99/mo

$2.95/mo

30-day money-back guarantee  !

ඒවගේම ඔබට Top Ten Web Hosting for your company in Sri Lanka ( Sinhala ) ලිපිය මගින් වෙබ් හොස්ටින්ග් ආයතන සසදලා බලන්නත් පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *