A2 cpanel Hosting Review in Sinhala for Sri Lankans – Fast Web Host ඒ2 හොස්ටින්ග් ආයතනය පිළිබඳ සමාලෝචනය

This is a review of A2 cpanel Web hosting provider in Sinhala for Sri Lankans.  The company provides cpanel web hosting services since 2001 with offices in  Michigan, United States. The data centers are located in Michigan, Arizona, Amsterdam and Singapore. 

A company with over 17 years of experience.

ඒ2 හොස්ටින්ග් කියන්නේ 2001 වසරේ සිට හොස්ටින්ග් සේවා සපයන  ආයතනයක්. ඔවුන්ගේ කාර්යාල ඇමෙරිකාවේ මිචිගන්හි පිහිටා තිබෙනවා. ඇමරිකාවේ මිචිගන්, ඇරීසොනා, අම්ස්ටර්ඩෑම් සහ සිංගපුරුවේ ඔවුන්ගේ hosting data centers පිහිටලා තියෙනවා. 

ඔවුන් වසර 17කට වැඩි දැවැන්ත පලපුරුද්ද්දක් තිබෙන හොස්ටින්ග් සේවා සපයන්නෙක්.

Unlimited Space

Unlimited Bandwidth

25 Emails

Domain $14.95/yr

Free SSL

$7.99/mo

$3.92/mo

Anytime money-back guarantee  !

What are the pros of A2 cpanel shared Web Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන වාසි මොනවද ?

01. Speed of web hosting servers / හොස්ටින්ග් සර්වර් වල වේගය ( High Speed )

වෙබ් හොස්ටින්ග් සර්වර් එකේ වේගය මුලික ලෙසම බලපානවා ඔබේ වෙබ් අඩවිය විවෘත වෙන්න යන කාලයට. ඉතින් සාමානයෙන් 400ms ~ 550ms වගේ අතර කාලයකින් වෙබ් අඩවිය load වෙනවා. මෙම අගය ඉතාම හොද ඉහල අගයක්. ( මීට අමතරව ඔබ වෙබ් අඩවිය හදලා තියෙන විදිය වගේම optimize කරලා තියෙන ආකාරයත් බලපානවා කියන එකත් අමතක කරන්න එපා වෙබ් අඩවියක් විවෘත වෙන්න යන කාලය සදහා )

02. Uptime of web hosting servers / හොස්ටින්ග් සර්වර් ස්ථාවර භාවය ( Excellent up-time of 99.94 - 99.99%  )

Server uptime ලෙස හදුවන්නේ සර්වර් එක ආරම්භ වී ස්ථාවර ලෙස ක්‍රියා කරමින් පවතින කාලය. සාමාන්‍යයෙන් කිසිම හොස්ටින්ග් සමාගමට පහසු නෑ මෙම අගය සැමවිටම සියයට සියක් ලෙස පවත්වාගන්න, මොකද සර්වර් එකේ මෘදුකාංග, දෘඩුකංග , අන්තරජාල වේගය, විදුලිය සම්භන්ධ කරුනුත් අඩු වැඩි වශයෙන් බලපානවා ස්ථාවරත්වය සදහා. A2 hosting ආයතනය සාමානයෙන් uptime එක 99.94% - 99.9% අතර සාර්ථක අගයක් පවත්වාගෙන යනවා. 

03. Customer Support/ පාරිභෝගික සේවය ( Excellent )

මෙය ඇත්තටම අනිවාර්යයෙන් බැලිය යුතු කරුනුක් හොස්ටින්ග් සේවා ලබාගනිද්දී හේතුව යාම් ගැටළුවක් ඇතිවුනොත් ඉතාම පහසුවෙන් වගේම ඉක්මනින් විසදාගැනීමට හැකියාව පැවතිය යුතු නිසා. ඊමේල්, චැට්, ටිකට් සහ දුරකථන හරහා ඔබට ගැටළු විසදගන්න හරිම පහසුයි.  ඔවුන් ඉතා වේගවත් වගේම ගුණාත්මක බවින් ඉහළ පාරිභෝගික සේවයක් සපයනවා. 

04. Anytime money back guarantee / ඕනෙම කලෙක මුදල් ආපසු දෙන සහතිකය ( Unbelievable ! )

හොද නැත්තම් ඔබ ගෙවූ මුදල ඔවුන් විසින් දින 30ක් ඇතුලත ඔබට ලබාදෙනවා ( කොන්දේසි සහිතයි )

05. Free SSL Certificate / නොමිලේ SSL සහතිකය 

මිලදී ගන්න හොස්ටින් සේවා සදහා ඔවුන් විසින් SSL සහතික නොමිලේ ලබාදෙනවා. ඉතින් පහසුවෙන් ඔබේ ඩොමේන් එකේ http වෙනුවට https කියන ආරක්‍ෂිත ලින්ක් එක භාවිතා කරන්න පුළුවන්. නිකන්  මුදල් නාස්ති කරන්න ඕන වෙන්නේ නෑ SSL සහතික මිලදී ගන්න.

06. Powered by SSD hard disk Drives / SSD හර්ඩ් ඩිස්ක් වලින් සමන්විත සර්වර් වීම

බොහොමයක් වෙනත් හොස්ටින්ග් ආයතන වලට වැඩි පුර ගෙවන්න ඕන වේගවත් හර්ඩ් ඩිස්ක් ලබාගන්න. නුමුත් මෙම ආයතනයත් වේගවත් SSD ( සාමාන්‍ය හර්ඩ් ඩිස්ක් වලට වැඩ විසි ගුණයක් වේගවත් ! ) හර්ඩ් ඩිස්ක් සියලුම පැකේජ සදහා ලබාදීලා තියෙනවා.

07. Free Site Transfer / නොමිලේ හොස්ටින්ග් මාරු කිරීම

ඔබ වෙනත් ආයතනයක හොස්ටින්ග් කරලා තියෙනවනම් ඔවුන් නොමිලේ ඔබේ ගිණුම A2 Hosting වෙත මාරු කිරීම කරලා දෙනවා.

08. Unlimited Bandwidth / සීමාරහිත බෑන්ඩ්විද්ත්

සිමා රහිතව බෑන්ඩ්විද්ත් ඔබට ලබාදෙනවා.

09. Free Cloudfare CDN /  නොමිලේ ක්ලවුඩ්ෆෙයාර් පහසුකම 

Cloudfare CDN පහසුකම ඔබට නොමිලේ ලබාදී තියෙනවා. මෙමගින් ඔබගේ වෙබ් අඩවියේ වේගය වැඩි කරලා දෙනවා වගේම පාවිච්චි වෙන බෑන්ඩ්විද්ත් එක අඩු කරලා දෙනවා.

10. Wordpress, Joomla Supported / වර්ඩ්ප්‍රෙස් සහ ජූම්ලා වැනි cms සදහා සහයෝගය දැක්වීම

WordPress සහ Joomla කියන්නේ පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය ස්ථාපනය කරගන්න පුළුවන් නොමිලේ තිබෙන content management systems කීපයක්. A2 Hosting ආයතනය ඉහල සදහන් cms වගේම ප්‍රධාන සියලුම එවැනි වෙබ් system වලට සහයෝගය දක්වනවා.

11. ecommerce Supported / ශෝපින්ග් කාර්ට් සේවා සදහා සහයෝගය දැක්වීම

ඔවුන් Magento, Prestashop වැනි අතර්ජාල ශෝපින්ග් කාර්ට් 15කට වඩා සහයෝගය දක්වනවා. ඉතින් පහසුවෙන් ඔබේම අන්තරජාල store එකක් සකසාගන්න පුළුවන් කැමති ඕනෙම ප්ලට්ෆොර්ම් එකක් පාවිච්චි කරලා. 

12. Paypal & Skrill Supported / පේපැල් සහ ස්ක්‍රිල්ගෙවීම් සහයෝගය දක්වනවා

ඔවුන් පේපැල් සහ ස්ක්‍රිල්ගෙවීම් ක්‍රම සදහා සහයෝගය දක්වනවා සාමාන්‍ය ක්‍රෙඩිට් කාර්ඩ්/ ඩෙබිට් කාර්ඩ් ගෙවීම් ක්‍රමයට අමතරව.

What are the cons of A2 cpanel shared Web Hosting ? මෙම හොස්ටින්ග් ආයතනයේ තිබෙන අවාසි මොනවද ?

01. No Free Domain / නොමිලේ ඩොමේන් නොලැබේ

ඔවුන් නොමිලේ ඩොමේන් ලබා දීම සිදුකරන්නේ නෑ. ඔබ ඔවුන්ගෙන් මිලදී ගන්නවානම් ඩොමේන් එකට වසරකට $14.95 වගේ වෙනවා ( මේකට පොඩි විසදුමක් තියෙනවා. ඔයා ඩොමේන් එක Namecheap Domains එකෙන් අඩුවට ගන්න. ඊට පස්සේ එකේ Name Servers record ටික update කරගන්න ).

02. No Free data backup / ඔබගේ ගිණුමේ දත්ත backup කිරීම සිදු නොවේ ( Available only in higher packages )

නොමිලේ ඔබගේ ගිණුමේ දත්ත ස්වයංක්‍රීයව backup සිදු වෙන්නේ නෑ LITE පැකේජ් එකේදී.  නුමුත් SWIFT ( $4.90/mo මාසික පැකේජය ) හෝ Turbo ( $ 9.31/mo පැකේජය) මෙය නොමිලේ ලැබෙනවා. ඔබට manually backup කරගන්න පහසුකම Lite පැකේජයේදී ඔවුන් ලබාදීලා තියෙනවා. ඉතින් සති දෙකකට සැරයක් වගේ ඔයාටම backup කරගන්න පුළුවන් නම් මේක ගැටළුවක් නෑ.  

03. Limited Number of Email Accounts / සීමාරහිත ඊමේල් ගිනුම් ප්‍රමාණයක්

ඔවුන් ඊමේල් ගිණුම් 25ක් දක්වා පමණයි ලබාදෙන්නේ LITE පැකේජයේදී නුමුත් ඊමේල් ගිණුම් කීපයක් නම් ඔබ භාවිතා කරන්නේ මේක එතරම් ගැටළුවක් නෑ.

04. Turbo Highspeed limited to higher price package only / සුපිරි Turbo වේගය ඉහල පැකේජ සදහා පමණයි !

ඔවුන් සදහන් කරන සුපිරි වේගය ලැබෙන්නේ ඉහල Turbo නමැති පැකේජය සදහා පමණයි ( මාසිකව $9.31 )

A2 cPanel Web Hosting Conclusion / සාරාංශය

A2 හොස්ටින්ග් ආයතනය සීමා රහිත ඉඩක් වගේම බෑන්ඩ්විත් ලබාදෙනවා හොද වේගයක් සමග. ඒවගේම වගකීමක් සහිත හොද පාරිභෝගික සේවයක් සහිත හොස්ටින්ග් ආයතනයක්. එමනිසා ඔබටත් අදම මෙම හොස්ටින්ග් සේවය ලබාන්න පුළුවන්.

Unlimited Space

Unlimited Bandwidth

25 Emails

Domain $14.95/yr

Free SSL

$7.99/mo

$3.92/mo

Anytime money-back guarantee  !

ඒවගේම ඔබට Top Ten Web Hosting for your company in Sri Lanka ( Sinhala ) ලිපිය මගින් වෙබ් හොස්ටින්ග් ආයතන සසදලා බලන්නත් පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *